General
ගාල්ල දිස්ත්‍රික් පළාත් පාලන ලේකම්වරුන්ගේ ප්‍රගති සමලෝචන හා ධාරිතා ප්‍රවර්ධන වැඩසටහන
Published May 21, 2026 at 8:30 AM
• Updated Jun 1, 2026
ගාල්ල දිස්ත්‍රික් පළාත් පාලන ලේකම්වරුන්ගේ ප්‍රගති සමලෝචන හා ධාරිතා ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව පැවැත්විය.
ගාල්ල සහකාර පළාත් පාලන කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල ලේකම්වරුන් (විශේෂයෙන් නවක ලේකම්වරුන්) ඉලක්ක කරගත් ප්‍රගති සමලෝචන හා ධාරිතා ප්‍රවර්ධන වැඩසටහනක් 2026 මැයි 20 දින පෙරවරු 09.30 සිට පස්වරු 04.00 දක්වා සහකාර පළාත් පාලන කොමසාරිස් කාර්යාලයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන සභා කටයුතු, ආදායම් ප්‍රභවයන් හා වගකීම්, සහ වියදම් කළමනාකරණය / ප්‍රසම්පාදනය යන ප්‍රධාන අංශ තුන යටතේ මෙහෙයවනු ලැබීය.
📊 සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධාන කරුණු:
නිරවද්‍ය සභා වාර්තා සකස් කිරීම: පසුගිය වර සෑම සභාවකම වාර්තා සහකාර කොමසාරිස්තුමාගේ සහ විමර්ශන නිලධාරීන්ගේ දැඩි පරීක්ෂාවට ලක්වූ අතර, රීති ප්‍රකාරව ව්‍යවස්ථාපිත අවශ්‍යතා තෘප්ත වන නිරවද්‍ය සභා වාර්තා සකස් කිරීම සහ සභා රැස්වීම් නීත්‍යානුකූලව පවත්වන ආකාරය දීර්ඝ ලෙස සාකච්ඡා විය.
විධිමත් කසළ කළමනාකරණය: රජයේ "Clean Sri Lanka" සහ "පිවිතුරු පුරවර" ජාතික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. ඒ අනුව සභාවල කසළ කළමනාකරණ පද්ධතිය විධිමත් කිරීම සඳහා කසළ විගණනයන් (Waste Audits) සිදු කිරීම, නිවැරදි වාර්තාකරණය සහ ක්‍රමානුකූලව දත්ත රැස් කිරීමේ (Data Collection) ඇති වැදගත්කම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.
මාර්ග ඉන්වෙන්ට්‍රිය (Road Inventory): ඒ ඒ සභා සතු මාර්ග මැනීම් කර, සිතියම්ගත කොට 2026 වසර අවසන් වීමට පෙර ගැසට් කිරීම මඟින් නෛතික අයිතිය තහවුරු කරගැනීම පිළිබඳව සාකච්ඡා වූ අතර ඒ සඳහා නිශ්චිත ඉලක්ක ලබා දෙන ලදී.
හිඟ ආදායම් සහ බලපත්‍ර ගාස්තු: හිඟ සේවා ගාස්තු හා දැන්වීම් පුවරු ගාස්තු අයකර ගැනීමේ නෛතික අවශ්‍යතා සහ ආදායම් පරීක්ෂකවරුන්ගේ හිඟයට පිළියම් සෙවීම.
පොදු සම්මත ක්‍රමවේද හා මූල්‍ය පාලනය: ප්‍රසම්පාදන කටයුතු ඇතුළු මූල්‍ය පාලනයේදී ලේකම්වරුන් සතු වගකීම් පැහැදිලි කළ අතර, සියලු ගැටලු විසඳා ගනිමින් ගාල්ල දිස්ත්‍රික්කයේ පොදු සම්මත ක්‍රමවේදයන් අනුගමනය කිරීමට මෙහිදී එකඟතාව පළ විය.
වැඩසටහන අවසානයේ නිලධාරීන්ට තම ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණු අතර, ලැබුණු යෝජනාවලට අනුව මෙම ප්‍රගති සමලෝචන වැඩසටහන සෑම මාස 03කට වරක්ම අඛණ්ඩව පැවැත්වීමට තීරණය කෙරුණි.
(මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වයෙන් සහ සහකාර කොමසාරිස්තුමා සමඟ පරීක්ෂණ කටයුතුවලින් විමර්ශන නිලධාරීන් වන ඒ.එච්.එම්.එන්. උදයසිරි මහතා සහ ඒ.එච්.එම්.පී සමන්තමහතා සම්බන්ධ වි

Comments (0)
Leave a Comment
No comments yet
Be the first to share your thoughts!